ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔසප් මිත්‍යා මත අභියෝගයට ලක් කළ තරුණියක්
ඔසප් කාලය තුළ කාන්තාවන් 'කළ යුතු සහ නොකළ යුතු දේ' පිළිබඳව අප සමාජයේ බොහෝ විශ්වාසයන් පවතී.
ඇතැම් විශ්වාසයන්ට අනුව ඔසප් කාලය තුළ කාන්තාවන් ආගමික ස්ථාන වෙත යෑමෙන් වැළකී සිටිය යුතුය.
ඒ සම්බන්ධයෙන් එවැනි විවිධ විශ්වාස පවතින තවත් රටකි අප්‍රිකාවෙන් ගිනිකොණ වෙරළේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරය.
ඔසප් කාලය තුළ කාන්තාවන් 'මෙයෝනීස්' (mayonnaise) රසකාරක සෑදීමෙන් වැළකී සිටිය යුතු බව එහි පවතින එක් විශ්වාසයකි.
'මෙයෝනීස්' යනු බිත්තර කහමද භාවිත කර සකසා ගන්නා ආහාර රසකාරකයකි.
ඔසප් කාලය තුළ කාන්තාවන් 'මෙයෝනීස්' සකස් කළොත් ඒවා කැටි ගැසෙන බව මැඩගස්කර්වාසී ඇතැමුන්ගේ විශ්වාසයයි.
"තහනම් මාතෘකාවක් නොවෙයි"
සමාජය තුළ පවතින එවැනි විශ්වාස බිඳ දැමීමේ උත්සාහයක නිරත වී සිටින විද්‍යා ගුරුවරයකු වන ලහට්රා බාලදක්ෂ පාලකයෙකු ලෙසත් කටයුතු කරයි.
ඔහු ඒ සම්බන්ධයෙන් තරුණියන් මෙන්ම සිය බාලදක්ෂ සිසුන් ද දැනුවත් කරයි.
ඔසප් කාලය තුළ 'මෙයෝනීස්' සෑදීම සිදු නොකළ යුත්තක් බව කලක් විශ්වාස කළ තරුණියක් කැරන්.
ලහට්රාගේ මිතුරියක වන කැරන් ඔසප් කාලය තුළ 'මෙයෝනීස්' සෑදීම සිදු නොකළ යුත්තක්ය යන මතයට අභියෝග කළාය.
ඒ අනුව ඔසප් සමයක 'මෙයෝනීස්' තැනූ ඇය සිය අත්දැකීම මෙසේ පැහැදිළි කළාය.
"මට වයස විසි එකේදී ගෙදර තනියම ඉන්න වේලාවක 'මෙයෝනීස්' හැදුවා.ඒවා කැටි ගැහුණේ නැහැ"
ඔසප් කාලය තුළ කාන්තාවන් ස්නානය කිරීමෙන් වැළකී සිටිය යුතු බව මැඩගස්කරයේ පවතින තවත් විශ්වාසයකි.
"මම ඔසප් කාලය තුළ කවදාවත් නාලා නැහැ. ඇඟ තුළට වතුර ගිහින් රුධිර වහනය තවත් වැඩි කරන නිසා අපි නාන්නේ නැහැ" යනුවෙන් මරී ජෝජෙට් නම් කාන්තාවක් පැවසුවාය.
ඔසප් වීම පිළිබඳ කතා කිරීම තහනම් මාතෘකාවක් නොවන බව කාන්තාවන් වටහාගත යුතු බව විද්‍යා ගුරු ලහට්රා මේ අතර පවසයි.
ඔසප් රුධිර පැල්ලම
ඔසප් රුධිර පල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් අසල්වැසි දකුණු ඉන්දියාවෙන් පසුගියදා වාර්තා විය.
සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබා ඇති දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට "හිරිහැර" සිදු කරන ලද බව සඳහන් කර තිබිණි.
එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරලයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් ඉන්දියාවේ දැඩි ආන්දෝලනයකට ලක් විය.
සබැඳි යොමු:
ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි.
එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් පසුගියදා සම්මත කරනු ලැබීය.
ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත.
ඔසප් නිවාඩු සහ ශ්‍රී ලංකාව
මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති.
ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.
සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකරදී තිබේ.
ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතු යයි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවසුවාය.
ඇමතිනිය ඒ බව කියා සිටියේ චීනයේ පළාත් ගණනාවක් තුළ ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාව තුළත් ක්‍රියාවට නැගිය හැකි දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.
තවත් සබැඳි යොමු: