ලොව 'වැඩි වශයෙන්ම' ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මහා රළ පෙළ'

ලොව බිහි වූ කලා නිර්මාණ අතරින් වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය කුමක්ද?

එසේ ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වී ඇති කලා කෘතිය ලෙස සැලකෙන්නේ ජපාන ජාතික කට්සුෂීකා හොකුසායි විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි.

'මහා රළ පෙළ' නමැති සිතුවම ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ 1830 ගණන්හි මුල් භාගයේදීය. ඒ සිතුවම් මාලාවක එක් කොටසක් වශයෙනි.

"මහා රළ පෙළ සිතුවම් මාලාවක කේන්ද්‍රයයි. එය ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ සිතුවමයි. මෙය මීට පෙර දැක නැහැ කියා මිනිස්සු හිතුවත් ඔවුන් එය කොහේ හෝ දැක තිබිය යුතුයි" SOAS විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙකු වශයෙන් කටයුතු කරන ඇන්ගස් ලොක්යර් කියා සිටියේය.

සබැඳි යොමු: