යුද හමුදාව වෙනිසුවෙලා නීතිපති කාර්යාලය වට කරයි

වෙනිසුවෙලා ආරක්ෂක හමුදා නීතිපති ලුවිසා ඔර්ටේගා ගේ කාර්යාලය අවට රඳවා ඇති බව වාර්තා වෙයි.
නීතිපතිවරිය එම හමුදා ක්‍රියාමාර්ගය විස්තර කරන්නේ "වට කිරීමක්" (siege) හැටියටයි.
පසුගියදා පැවැත්වුන වෙනිසුලා මැතිවරණයෙන් පත් වූ අභිනව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නීතිපතිවරිය පදවියෙන් නෙරපා හැරීමට තීන්දු කළ අතර එයින් මඳ වෙලාවකට පසුව යුද හමුදා වට කිරීම ආරම්හ වී ඇත.
ලුවිසා ඔර්ටේගා නීතිපතිවරිය කලින් ජනාධිපති නිකොලස් මධුරෝ ගේ පාර්ශවයේ සිටි නමුත් පසුව ඍජු ලෙසම ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කරන විවේචිකාවක් බවට පත් වූවාය.
එසේම පසුගියදා පත්වූ මතභේදයට ලක්ව ඇති නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දිව්රුම් දීමේ ක්‍රියාවලියට ඇය සිය විරෝධය පළ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එසේම, පසුගියදා පැවැත්වුන ඡන්ද විමසීමේ දී ප්‍රෝඩා සිදු වූ බවට එල්ල වෙමින් පවතින චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරිය විසින් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇත.
වෙනිසුලාවේ උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදයත් සමඟ මාස කීපයක් තිස්සේ පැතිර යමින් ඇති විරෝධතා ව්‍යාපාර අවසන් කරමින්, රටට සාමය උදා කිරීමට නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවශ්‍ය කරන බව ජනාධිපති මධුරෝ පවසයි.
එසේම යුද හමුදාව නීතිපතිවරියගේ කාර්යාලය වටකරන ලද බවට කෙරෙන ප්‍රකාශන ජනාධිපති මධුරෝ විසින් බැහැර කරනු ලැබ ඇත.
නීතිපතිවරිය සතු වත්කම් අත්හිටවා ඇති අතර ඇය රටින් පිටව යාම තහනම් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP








