2017 ලොව අවලස්සනම බැල්ල 'මාර්තා'

මාර්තා සහ ස්වාමිදුව ෂර්ලි සින්ඩ්ලර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්තා සහ ස්වාමිදුව ෂර්ලි සින්ඩ්ලර්

මාර්තා, 2017 වසරේ අවලස්සන ම සුනඛයාට හිමි සම්මානය දිනා ගත්තාය.

ඇය කිරුළු පැළඳියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී වසරක් පාසා පැවැත්වෙන 'ලොව අවලස්සනම බල්ලා' (World's Ugliest Dog ) තේරීමේ තරගයේදී ය.

තවත් අවලස්සන බලු සුරතලුන් 13 දෙනෙකු සමඟ කරට කර තරගයක යෙදුණු මාර්තා අවසානයේ කුසලානය සහ ඩොලර් 1500ක ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට සමත් වුවාය.

මාර්තාගේ ස්වාමිදුව ෂර්ලි සින්ඩ්ලර් ඒ මොහොතේ සතුටින් ඉපිල ගියාය.

මාර්තා

ඡායාරූප මූලාශ්‍රය, EPA

කිරුළු පැළඳි මාර්තා අනතුරුව නිව්යෝර්ක් නුවර බලා යන්නේ මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටීමටය.

අතහැර දමා සිටියදී රෝගාතුරව සිටි Neapolitan mastiff වර්ගයේ මෙම බැල්ල සත්ව ආරක්ෂණ සේවකයන් විසින් බේරා ගනු ලැබ ඇත. අනතුරුව ෂර්ලි සින්ඩ්ලර් ගේ රැකවරණය ලද මාර්තාට සෙනෙහසින් අඩුවක් නොවීය.

මාර්තා සහ ස්වාමිදුව ෂර්ලි සින්ඩ්ලර්

ඡායාරූප මූලාශ්‍රය, EPA

කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව රෝගාතුරව සිටි සමයේ මර්තාගේ දෙනෙත් අන්ධවීමට ආසන්නව පැවතුනි.

ශල්‍යකර්ම කිහිපයකින් අනතුරුව මර්තාට යළි පෙනීම ලැබුණි.

දෙවන ස්ථානය හිමිකරගත් 'මෝ'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන ස්ථානය හිමිකරගත් 'මෝ'

ලොව අවලස්සනම බල්ලා තේරීමේ තරගය පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ අතහැර දැමූ සුනඛයන් හදාවඩා ගැනීමට ජනතාව උනන්දු කරවීම බව තරග සංවිධායකයෝ පවසති.

මෙවර එම තරගය පැවැත්වුණේ 29වැනි වතාවට ය.

තෙවන ස්ථානය 'චේස්'ට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තෙවන ස්ථානය 'චේස්'ට
'රැස්කල්' ද කාගේත් අවධානයට පාත්‍ර විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රැස්කල්' ද කාගේත් අවධානයට පාත්‍ර විය
අවසානයේ විනිසුරුවන්ගේ අවධානය දිනාගත් ඇගේ නම 'මාර්තා' ය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අවසානයේ විනිසුරුවන්ගේ අවධානය දිනාගත් ඇගේ නම 'මාර්තා' ය