ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමා විවාහ, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්
ළමා විවාහවලට මග පාදන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් මුස්ලිම් ක්‍රියාධාරිනියෝ ආණ්ඩුවට බල කර සිටිති.
එහෙත් තව්හීඩ් ජමාආත් (ජමාත්) සහ සමස්ත ලංකා ජමියතුල් උලමා වැනි සංවිධාන සහ ගතානුගතික මුස්ලිම් නායකයෝ එම ඉල්ලීමට දැඩි විරෝධය පළකරති. (වීඩියෝ පටය නරඹන්න)
එහි ප්‍රතිඵලයක් ලෙසින් එම නීතිය සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව වසර නවයක් මුළුල්ලේම එම නිර්දේශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වී සිටී.
ළමා විවාහයකට ගොදුරු කෙරුණු 15 හැවිරිදි මුස්ලිම් දැරියකගේ වේදනාබර අත්දැකීම සහ ක්‍රියාකාරිනියන්ගේ සහ තව්හීඩ් ජමාආත් සංවිධානයේ ප්‍රතිචාරය ඇසුරින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
සම්පූර්ණ විස්තරය මේ යොමුවෙන්: ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ 'ගණිකාවක්'