ලන්ඩන් ගින්න ගැන 'පූර්ණ පරීක්ෂණයක්'

One of the first images from inside the tower shows a small fire still burning inside one flat
ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්නෙන් විනාශවුණු නිවසක් මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේත් දැවෙමින් තිබුණි

ලන්ඩන් නුවර 'ග්‍රෙන්ෆෙල්' (Grenfell Tower) තට්ටු නිවාස ගින්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියෝග කළාය.

විනිශ්චයකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවත් ඇය සඳහන් කළාය.

අගමැතිවරිය විසින් එම පියවර ගන්නා ලද්දේ එවැනි තවත් විපත් සිදුවිය හැකි බවට මහජන කෝපය පළ වෙමින් පවතින අතරයි.

'කෙන්සින්ටන් චෙල්සී'කලාපයේ පිහිටි තට්ටු නිවාසය අසළ නිරීක්ෂණය කළ අගමැතිනි තෙරේසා මේ තමාට දක්නට ලැබුණ දර්ශනය විග්‍රහ කළේ ඛේදජනක තත්වයක් හැටියටය.

"මේ ඛේදවාචකය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම හොඳින් සම්බන්ධීකරණය කරන්න කියල ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන සර්ව පාක්ෂික කමිටුවට මම නියෝග කළා. ඒ වගේම හදිසි සහන සේවාවලට සහ පළාත් පාලන බලධාරීන්ට ඒ සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන්න මම සූදානම්," ඇය සඳහන් කළාය.

Sniffer dogs have been sent in to search for evidence

ඡායාරූප මූලාශ්‍රය, PA

තට්ටු නිවාසයේ ගින්නට හසු වූ 17 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 30 කට වැඩි පිරිසක් රෝහල්ගතව සිටිති. එයින් 17 දෙනෙක් අසාධ්‍ය තත්වයෙන් පසුවෙති.

ගින්නෙන් දිවි බේරාගත් කිසිවෙකුත් තට්ටු නිවාසයෙන් හමුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව පවසන ගිනි නිවන හමුදාව, මියගිය ඇතැම් පුද්ගලයන්ගේ මළ සිරුරු කිසිදින හමු නොවනු ඇති බවත් පවසයි.

මේ අතර එම ප්‍රදේශයට පැමිණි විපක්ෂනායක ජෙරමි කෝබින් ගින්න පිළිබඳ සත්‍යය අනාවරණය විය යුතු බව පැවසීය.

බදාදා අලුයම මහල් විසි හතරකින් සහ නිවාස 120 කින් සමන්විත තට්ටු නිවාසයේ ගින්න පැතිර ගියේ සිය ගණනක් නිවැසියෝ දැඩි නින්දේ පසුවෙමින් සිටියදීය.

Jeremy Corbyn spoke to residents at the scene of the fire when he visited on Thursday

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගින්න පිළිබඳ සත්‍යය අනාවරණය විය යුතු බව විපක්ෂනායක ජෙරමි කෝබින් පවසයි

ගින්න හටගැනීමත් සමග අසල්වැසියන්ගේ හෝ රැස් වුනු පිරිසගේ කෑගැසීම ඇසුණු බොහෝ නිවැසියෝ ගොඩනැගිල්ලෙන් ඉවතට දුව ගොස් දිවි බේරාගත්හ.

ගිනි නිවන හමුදාව විසින් 65 දෙනෙකුගේ දිවි බේරාගත් නමුත් තවත් පිරිසක් ගින්නට සහ දුමාරයට කොටු වී සිටියහ.

ගින්නට හසු වී මියගිය පිරිසක් හඳුනාගත් බව ලන්ඩන් ගිනි නිවන හමුදාවේ අණදෙන නිලධාරිනිය ඩැනී කොට්න් කියා සිටියාය. "ඒත් අපි දෙන්නවා තවත් මළ සිරුරු තියෙනව කියල."

ගිනි නිවන හමුදාව විසින් මේවන විට තට්ටු නිවාසයේ සෑම තට්ටුවකම මූලික නිරීක්ෂණයක් සිදු කර තිබේ. එහෙත් ගිනි ගත ගොඩනැගිල්ලේ පූර්ණ නිරීක්ෂණයක් කිරීම "ඉතා දුෂ්කර සහ කල් ගතවන" ක්‍රියාවක් බව බලධාරීහු පවසති.