ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: කොන්ග්‍රස් සභිකයෙකුට තුවාල

At least 25 Republicans were at the practice

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ බේස්බෝල් තරගයක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකදී ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් පක්ෂ නායකයෙකුට සහ ඔහුගේ ආධාරකරුවන්ට තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි.

වොෂින්ටනයේ ඇලෙක්සැන්ද්‍රියා ප්‍රදේශයේ ධනවතුන් වෙසෙන ප්‍රදේශයක එල්ල වූ වෙඩි ප්‍රහාර කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාවන ස්ටීව් ස්කැලිස් ට (Steve Scalise) වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ.

තුවක්කුකරු සමග වෙඩි හුවමාරුවක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් තුවාලකරුවන් අතර සිටින බවත් වාර්තාවල දැක්වේ.

House Majority Whip Steve Scalise

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්ග්‍රස් සභික ස්ටීව් ස්කැලිස්ට වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ

වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවක්කුකරු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය.

බ්‍රහස්පතින්දා (ජුනි 15) පැවැත්වීමට නියමිත කොන්ග්‍රස් මණ්ඩලයේ වාර්ෂික බේස්බෝල් තරගය සඳහා කොන්ග්‍රස් සභිකයන් පුහුණුවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කරන ලද බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.

There is increased presence outside the US Congress

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරිපස ආරක්ෂාව තර කර තිබේ