ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් අර්බුදය; කුවේට් එමීර්වරයා කටාරයට පැමිණෙයි
ගල්ෆ් රාජ්‍යයන් අතර දැනට මතු වී පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමථයකට පත් කිරීමේ ප්‍රයත්නයක් ආරම්භ කරමින් කුවේට් එමීර් ෂේක් අල් සබා අල්-අහ්මඩ් අල්-ජබාර් අල්-සබා (Sheikh Sabah al-Ahmed al-Jaber al-Sabah) කටාර් රාජ්‍යයේ 'ඩෝහා' අගනුවරට ලඟා විය.
'ඩෝහා' බලධාරීන් ත්‍රස්තවාදී කණ්ඩායම වලට උදව් කරන බවට චෝදනා කරමින් මින් දවස් කීපයකට පෙර ගල්ෆ් අරාබි රටවල් කීපයක් කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවන ලදී.
සබැඳි පුවත්;
සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන් ගුවන් මුහුදු සහ සියලු දේශසීමා සබඳතා නතර කිරීම කටාර් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් ගමන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කළේය.
කටාරයට එරෙහි ගල්ෆ් රටවල තවත් ඉල්ලීමක් වන්නේ ඉරානය සමඟ පවත්වන සබඳතාවලින් ඈත් වෙන ලෙසයි.
මේ අතර ප්‍රකාශයක් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මතු වී ඇති මතභේද නිරාකරණය කර ගැනීම සඳහා උදව් වීමට කැමති බව කටාර් පාලනයට දැනුම් දී ඇත.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වලට මූල්‍යාධාර සැපයීම වැළැක්වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවල් එක බලවේගයක් බවට පරිවර්තනය වීම යෝග්‍ය බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.
තවත් සබැඳි පුවත්;