ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගංජා රැජින' ඉන්දුනීසියාවෙන් පිටුවහල් කෙරේ
නව වසරක සිරදඬුවමක් සහ තුන් වසරක පොදු සමා කාලයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකවන ෂපෙල් කෝබි (Schapelle Corby) ඉන්දුනීසියාවෙන් පිටුවහල් කෙරිණ.
හිටපු රූප ලාවන්‍ය උපදේශකවරියකවන ඇය ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් ළඟ තබාගෙන සිටියදී බාලි දූපතේ ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2004 දීය.
ඉන්දුනීසියාවේ අධිකරණය 2005 දී ඇයට සිර දඬුවම් නියම කළේය.
එහෙත් ෂපෙල් කෝබි ට දුන් දඬුවම දරුණු වැඩි බව බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ මතය වූ අතර, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලටද බලපෑවේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට එල්ල වූ චෝදනාව ඇය මේ වනතුරුම ප්‍රතික්ෂේප කරයි.
වාර්තා චිත්‍රපටය
ඇය පිටුවහල් කිරීමට ආධාර කිරීම පිණිස සිය ගණනක පොලිස් භට කණ්ඩායමක් යොදවා තිබිණ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ඉතා දැඩි නීති පවතින අතර, ඒ අනුව ගංජා සහ හෙරොයින් හෝ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බලපවත්වන්නේ එකම නීතියකි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමේ වරදට 2015 දී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට මරණ දඬුවම පනවනු ලැබිණ.
ෂපෙල් කෝබි සිය සිරදඬුවම විඳින අතරවාරයේ මානසික ආබාධයකට මුහුණදුන් ආකාරය ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය සානුකම්පිත්ව වාර්තා කළ නමුත් ඉන්දුනීසියානුවෝ ඇය සැලකුවේ අපරාධකාරියක වශයෙනි.
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අභියාචනයකින් අනතුරුව ඇයගේ දඬුවම වසර පහකින් අඩු කෙරුණු අතර, යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ද දඬුවම වරින් වර ලිහිල් කෙරිණ.
2014 දී බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු නමුත් පොදු සමාව සම්බන්ධ විධිවිධානවලට අනුකූලව වසර තුනක් ගතවන තුරු රටින් පිටවීමට ඇයට අවසර නොලැබිණ.
2007 දී ජනීන් හොස්කින් විසින් සම්පාදනය කරන ලද "ගංජා රැජින" (Ganja Queen) වාර්තා චිත්‍රපටයට පාදක වූයේ ඇගේ චරිතයයි.