ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගව සොරකමක්' නිසා මරණ දෙකක්
ගවයන් සොරාගැනීමට උත්සාහකළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පිරිසක් විසින් මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු මරා දමනු ලැබ තිබේ.
මුස්ලිම්වරුන් දෙදෙනෙකු පසුපස ගම්වැසියන් හඹාගොස් පොලුවලින් පහරදී ඇතිබව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා AFP පුවත් සේවය ප්‍රකාශකර ඇත.
රෝහල කරා ගෙන අතරතුර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා මරණයට පත් වූ බවත් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
'හියුම රයිට්ස් වොච්' සංවිධානය පසුගිය සතියේ නිකුත්කළ වර්තාවක සඳහන් වන්නේ ගව ඝාතන චෝදනා මත 2015 මැයි මාසයේ පටන් මේ දක්වා අවම තරමින් මුස්ලිම්වරුන් දස දෙනෙකුවත් මරා දමා ඇති බවය.
මෙසේ මරාදමා ඇති අය අතර දොළොස් හැවිරිදි පිරිමි ළමයෙකුද සිටි බව එම වාර්තාවේ සඳහන් වෙයි.
ගව ඝාතනයට එරෙහිව සිදුකෙරෙන මෙවැනි ප්‍රහාරයන් හේතුවෙන් ඉන්දියාවේ හින්දු සහ මුස්ලිම්වරුන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇත.
ඉන්දියානුවන් බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර ඔවුහු ගවයා දේවත්වයේ ලා සලකති.
ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.
ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයක ගව ඝාතනය නීතියෙන් තහනම්කර තිබේ.