සමලිංගිකයන්ට දොර වැසූ අචේ

සමලිංගික චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනෙකු නිදහස් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දුනීසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත බලධාරීන් විසිනි.
අචේ ප්‍රාන්ත නීතියට අනුව මොවුන් වේවැල් පහර සියයක දඬුවමකට යටත් කළ හැකිය.

විශේෂ බලතල
සමලිංගිකත්වය ඉන්දුනීසියානු නීතියෙන් තහනම්කර නොමැති නමුත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මීට දශකයකට පමණ පෙර සිට අචේ ප්‍රාන්තයට විශේෂ බලතල ලබා දී තිබේ.
එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී.
පුද්ගලයන්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ඉවහල්වන, අචේ ප්‍රාන්තයට විශේෂිත වූ නීති තහනම් කරන ලෙස 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගෙන් ඉල්ලීමක් කර තිබේ.




