චීන නීතියක්: රැවුල වැවීමත් තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ඉස්ලාමීය අන්තවාදයට' එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව චීන ආණ්ඩුව පවස
හඳුන්වා දෙනු ලැබූ නව නීති අනුව, පුරුෂයන් "අසාමාන්‍ය" ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කෙරෙන වේල් පැළඳීම සහ රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කරනු ලැබීම තහනම් කෙරෙයි.
ෂින්ජියාන්ග් කලාපය චීනයේ 'උයිගර්' මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන අතර තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසති.
මෑත වසර කීපය තුළ එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් වාර්තා විය.
'අන්තවාදය'
ඒ සම්බන්ධයෙන් චීන ආණ්ඩුව ඉස්ලාමීය කැරලිකරුවන්ට සහ බෙදුම්වාදීන්ට චෝදනා කරයි.
එවැනි මර්දනකාරී ප්‍රතිපත්ති නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට හේතුවිය හැකි බව මානව හිමිකම් සංවිධාන පවසති.
අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ නීති හේතුවෙන් ඇතැම් උයිගර් වැසියන් අන්තවාදය දෙසට තල්ලු විය හැකි බවටත් එම සංවිධාන අනතුරු අඟවති.




