ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැරඩෝනාගෙන් වීඩියෝ පාපන්දුවට 'දඬුවම් පහරක්'
Pro Evolution නම් වූ පාපන්දු වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් එය නිර්මාණය කල කොනාමි (Konami) සමාගමට එරෙහිව නීති පියවර ගන්නා බව ලෝ පතල හිටපු පාපන්දු ක්‍රීඩකයකුවන ආර්ජන්ටිනාවේ ඩියෙගෝ මැරඩෝනා පවසයි.
මීට හේතුවුයේ අදාළ වීඩියෝ ක්‍රීඩාව සඳහා මැරඩෝනාගේ අවසරයකින් තොරව ඔහුට සමාන රුවක් යොදා ගැනීමය.
සිය ෆේස්බුක් පිටුවෙහි මැරඩෝනා සඳහන් කර තිබුනේ අදාළ ජපාන සමාගමට එරෙහිව තම නීතිඥයින් 'සුදුසු නීති පියවර' ගනු ඇති බවය.
'නීති පියවර'
ආර්ජන්ටිනාවේ මෙන්ම බාසිලෝනා සහ නාපොලි පාපන්දු කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩකයකුවූ ඩියෙගෝ මැරඩෝනා පැවසුවේ මෙය තවත් ජාවාරමක් නොවේ යයි තමන් අපේක්ෂා කරන බවය.
එම ක්‍රීඩාව myClub මාදිලියෙන් ක්‍රීඩාකරන විට 'දැවැන්තයින්' අතරින් කෙනෙකු ලෙස මැරඩෝනා මතුවෙයි. ඔහුට අමතරව හෙන්රික් ලාර්සන්, තියෙරි හෙන්රි සහ ගැරී ලිනේකර් වැන්නවුන්ද සිටිති.
මේ සම්බන්ධව කොනාමි වෙතින් බීබීසී නිව්ස්බීට් විමසා සිටියද, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැත.
අවසර නොගැනීම සම්බන්ධයෙන් වීඩියෝ ක්‍රීඩාවකට එරෙහිව නීති පියවර ගැනුණු පළමු අවස්ථාව මෙය නොවේ.
පච්ච හැඩගැන්වීම
ඇමෙරිකානු NBA (National Basketball Association - ජාතික බාස්කට් බෝල් සංගමය) ක්‍රීඩකයින් වෙනුවෙන් පච්ච හැඩගැන්වීමේ හිමිකම ඇති සමාගමක් NBA2K නම්වූ වීඩියෝ ක්‍රීඩාව නිර්මාණය කළ ටේක් ටූ ඉන්ටරැක්ටිව් ඇන්ඩ් විෂුවල් කොන්සෙප්ට්ස් ( Take-Two Interactive and Visual Concepts) නම් සමාගමට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබිණි.
ඊට හේතු වුයේ, නිසි අවසරයකින් තොරව NBA ක්‍රීඩකයින්ගේ පච්ච නිර්මාණවල ඡායා යොදා ගැනීමය.