ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගනී
ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
බාසිලෝනා ක්‍රීඩා සමාජය ද නියෝජනය කරන විසි නම හැවිරිදි ලයනල් මෙසී ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේ ඔහු විසින් එල්ල කළ දඬුවම් පහරක් ගිලිහී යාම නිසා ආජන්ටිනාව තරඟයෙන් පරාජය වීමේ සිදුවීම හේතු කරගෙනයි.
අවුරුදු නමයක් තුළ අවසන් මහ තරඟයකට සුදුසුකම් ලැබ ආජන්ටිනාව පරාජය වූ සිව් වැනි අවස්ථාව සටහන් කරමින් මෙවර 'කෝපා ඇමරිකා' තරඟාවලියේ චිලී රාජ්‍යට එරෙහි තරඟයේ ජය ආජන්ටිනාවට අහිමි විය.
"ආජන්ටිනාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන එක මේ සිදුවීමෙන් පස්සේ මට අයිති කටයුත්තක් නොවෙයි, මම ක්‍රීඩා කළ හැකි උපරිමයෙන් ක්‍රීඩා කළා, නමුත් මේ තරඟාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වීම ගැන දැනෙන්නේ අපමණ දුකක්" 'කෝපා ඇමරිකා' තරඟාවලියේ අවසන් තරඟයේදී චිලී රාජ්‍ය ඉදිරියේ පරාජය වීමෙන් අනතුරුව ලයනල් මෙසී සිය අදහස් ප්‍රකාශ කළේය.
බාසිලෝනා ක්‍රීඩා සමාජයට 'ලා ලීගා' කුසලානය අට වරක් දිනා ගැනීමටත් සිව් වතාවක් 'චැම්පියන් ලීගය' දිනා ගැනීමටත් ක්‍රීඩා කිරීමට ලයනල් මෙසී දායක විය.
කෙසේ වෙතත් ඔහු මේ වන තෙක් ජාත්‍යන්තර පාපන්දු පිටියේ සටහන් කළ ඉහළම ජයග්‍රහණය වන්නේ 2008 වසරේ ඔලිම්පික් රන් පදක්කම හිමි කර ගැනීමයි.
බාසිලෝනා ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් තරඟ 531 කදී ගෝල 453ක් රැස් කළ ලයනල් මෙසී 'ලා ලීගා' පාපන්දු ශුරතා තරඟාවලියේ ගෝල 312ක් රැස් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ලෝකයේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිදෙන බැලෝන් ඩිඔර් සම්මානය පස් වරක් හිමි කර ගැනීමට සමත් වූ ලයනල් මෙසී ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබුවේ 2014 පාපන්දු ලෝක කුසලානය අවසානයේ.