ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සමෘද්ධිමත් යුරෝපයක් වෙනුවෙන් එකමුතු වෙමු'
එකමුතුව නොසිටීම යුරෝපයේ දේශපාලන පැවැත්මට අනතුරුදායක වියහැකි බවත් කිසිසේත්ම වෙන් නොවිය යුතු බවත් රෝමයේ පැවති යුරෝපා සංගමයට අයත් රටවල් විසි හතේ නායකයන්ගේ හමුව අමතමින් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් පැවසීය.
වසර හැටකට පෙර යුරෝපය එක්සත් කිරීම වෙනුවෙන් ක්‍රියාකළ විරුවන්ගේ උරුමය පිළිබඳව සැළකිල්ලක් දක්වන බව සනාථ කරන ලෙස ඔහු එම නායකයන්ගෙන් අභියෝගාත්මක ඉල්ලීමක්ද කළේය.
තම ජන්මභුමිය වූ පෝලන්තයේ කොමියුනිස්ට් පාලන සමය සිහිපත් කළ යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා නිදහස, ආත්මාභිමානය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වාධීනත්වය යනු තවදුරටත් සිහිනයක් නොව යථාර්ථයක් බව සඳහන් කළේය.
මෙම හමුවේදී, 1957 දී රෝමයේදී ආරම්භවුනු යුරෝපා සංගමය නමැති ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට කැපවී ක්‍රියා කරන බවට වූ ප්‍රකාශයකට රටවල් විසිහතේ නායකයෝ අත්සන් තැබුහ.
යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් පැවසුවේ යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයන් වඩාත් හොඳ අනාගතයක් සඳහා එකට එක්වී සිටින බවය.
"අපි බෙදීමකින් තොර එකතුවක් සඳහා වූ අපේ පොරොන්දුව අළුත් කරගන්නව. ඒක ඒ හුරු පුරුදු එකමුතුවෙන් ආශ්වාදයක් ලබන්න විතරක් නොවෙයි අපි එකමුතුවෙලා හිටියොත් විතරයි අපට නැගීසිටින්න පුළුවන්. එන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් එතකොටයි. එකමුතුව සිටීමෙන් අනාගත පරපුර සඳහා වඩාත් ආරක්ෂාකාරී සමෘද්ධිමත් යුරෝපයක් හදන්න පුළුවන් වෙන්නෙ එතකොටයි" යනුවෙන් ඔහු පැවසීය.