ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක අන්තර්ජාලයේ
සියගණනක් ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක වැරදීමකින් අන්තරජාලයේ පළකර තිබූ බව වාර්තාවේ.
එසේ පෞද්ගලික දුරකථන අංක ප්‍රසිද්ධියට පත්වූ දේශපානඥයන් අතර හිටපු අගමැතිවරුන් තිදෙනෙකුගේ නම්ද ඇතුළත්වී ඇත.
දුරකථන සහ භාවිතා කළ දත්ත සඳහා වූ පාර්ලිමේන්තු වියහියදම් පිලිබඳ වාර්තාවක මෙම තොරතුරු අඩංගුවී තිබුණි.
එම තොරතුරු ඉවත්කරගෙන ඇත්තේ මාස තුනකට වැඩිකාලයක් ඒවා අන්තර්ජාලයේ පළවී තිබීමෙන් පසුවය.
එම දුරකථන අංක සුදු පැහැයෙන් තිබීම නිසා පරිගණක තිරය මත අදෘශ්‍යමානව තිබුණද එම දත්ත 'කොපි'කර වෙනත් ලිපිගොනුවකට 'පේස්ට්' කිරීමෙන් පසු දැකගැනීමට හැකිවූ බව වාර්තාවේ.