ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උත්තර් ප්‍රදේශ් බලය අගමැති මෝඩිට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ දැනට නිකුත්කොට ඇති ප්‍රතිඵල අනුව අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගන්නා බවක් පෙන්නුම් කෙරෙයි.
උත්තරකාන්ද් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල අනුවත් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියි.
මෙම ප්‍රාන්ත මැතිවරණ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ජනමත විචාරණයක් හැටියට සැලකෙයි.
ඉහළ වටිනාකමක් සහිත මුදල් නෝට්ටු අවලංගු කිරීමට අගමැතිවරයා පසුගිය නොවෙම්බර් මාසයේ ගත් තීරණයෙන් අනතුරුව එළඹෙන මෙම ප්‍රාන්ත මැතිවරණය ඔහුට විශාල අභියෝගයක් ලස සැලකුණි.
උත්තර් ප්‍රදේශ් මැතිවරණ ජයග්‍රහණය තහවුරුවීම තුළින්,පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය තුළ අගමැතිවරයා සතු බලය තවත් ශක්තිමත් වනු ඇත.
එසේම, මෙම ජයග්‍රහණය 2019 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ මහමැතිවරණයේදීත්, භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයට ශක්තියක් සපයනු ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.