ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය ආර්ථික වර්ධන ඉලක්කය පහත දමයි
චීනය සිය ආර්ථික වර්ධන ඉලක්කය සියයට 6.5 දක්වා පහත දමා ඇත.
බෙයිජිං නුවරදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් චීන අගමැති ලී කික්යෑන් පැවසුවේ ආර්ථික වෙනස්කම් හමුවේ චීනය දැඩි අභියෝගයකට ලක්වී සිටින අතර ඉදිරි වර්ෂය සඳහා ආර්ථිකයේ ආරක්ෂාව සැලසීමේ දැඩි අවශ්‍යතාවක් වර්ධනය වෙමින් පවතින බවය.
චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වීම පිළිබඳව බීබීසී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ සංකීර්ණ ගෝලීය තත්වයක් ඇති විය හැකි බවය.
කෙසේ නමුත් චීන ආර්ථිකය "කෝෂයකින් පිටතට එන සමනළයෙකු" ලෙස චීන අගමැතිවරයා විසින් හඳුන්වනු ලැබීය.