චීනය ආරක්ෂක වියදම් වැඩිකරයි

ඡායාරූප මූලාශ්‍රය, AP
2017 වසර සඳහා වූ සිය ආරක්ෂක වියදම් සියයට හතකින් වැඩි කරන බව චීනය නිවේදන කරයි.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ඉරිදා (05) සැසිවාරයේදී, අදාළ නිල සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමට නියමිතයි.
ඇමෙරිකාවේ හමුදා වියදම් සියයකට දහයකින් වැඩි කිරීමේ යෝජනාවක් ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුව චීනය ඉහත කී ආරක්ෂක ඇස්තමේන්තු ප්‍රකාශයට පත්කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AP
චීනයේ ස්වෛරීභාවය සහ ජාතික අරමුණු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ෆූ යිං (Fu Ying) පවසන්නීය.
චීනය මෑතක පටන් සිය ආරක්ෂක හමුදාව කඩිනමින් නවීකරණය කරමින් පවතී.




