ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාලිබාන් නායකයාගෙන් පරිසර හිතකාමී ඉල්ලීමක්
ඇෆ්ගනිස්තානය පුරා රුක් රෝපණය කරන මෙන් ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් නායක හෙබතුල්ලා අක්හුන්දාසා සිය අනුගාමිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් කරයි.
හඬ පටයක් ද සහිතව ඔහුගේ නමින් නිකුත්වී ඇති නිවේදනයේ දැක්වෙන්නේ ශාක මගින් සතුන්ට සහ මිනිසුන්ට ආහාර සැපයෙන බැවින් මුස්ලිම් භක්තිකයෙකු විසින් රුක් රෝපණය කරනු ලැබීම පුණ්‍යකර්මයක් බවය.
තාලිබාන් සටන්කරුවන්ගෙන් මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන්ගෙන්ද, තාලිබාන් නායකයා මෙම ඉල්ලීමකර ඇත.
හිටපු නායකයා මරණයට පත්වීමෙන් පසු පසුගිය වසරේ මැයි මාසයේ සිට තාලිබාන් නායකත්වයට පත්වූ හෙබතුල්ලා අක්හුන්දාසා සැඟවී සිටියි.
තාලිබාන් හිටපු නායකයා මරණයට පත්වූයේ එක්සත් ජනපද හමුදා විසින් නියමුවන් රහිත ප්‍රහාරක යානා යොදාගනිමින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයකට ගොදුරුවීමෙනි.
2001 වසරේදී එක්සත් ජනපද හමුදා මැදිහත්වී තාලිබාන් පාලනය පෙරළා දමන තුරු 1996 පටන් ඇෆ්ගනිස්ථානයේ වැඩි භූමිභාගයක් පාලනය කරනු ලැබුවේ තලිබාන් සංවිධානය විසිනි.