ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිංගප්පූරු අහසේ දුර්ලභ දේදුන්නක්
සඳුදා සවස් යාමයේ සිංගප්පූරු අහසේ පෑයූ දුර්ලභ දේදුන්නක් පිළිබඳව එරට වැසියෝ ප්‍රමෝදයට පත් වී සිටිති.
විවිධ වර්ණ සහිත දේදුන්න මිනිත්තු 15 ක පමණ කාලයක් මුළු රටපුරාම දර්ශනය විය.
එය ඝන වලාකුළු මත හිරු එලිය පතිතවීමේ ප්‍රතිඵලයක් විය හැකි බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
හිරු එලිය ජල බින්දු මත පතිතවීමෙන් එම දේදුන්න නිර්මාණය වී ඇති බව තවත් වාර්තාවල දැක්වේ.
ළදරු පාසලක සේවය කරන ෆසිදා මොක්තාර් බීබීසී ය සමග අදහස් දක්වමින්: "ඉස්සෙල්ලම ඒක පටන් ගත්තේ තැඹිලිපාට පුංචි රවුමක් වගේ," යනුවෙන් සඳහන් කළාය.
"ඊට පස්සේ එක ටිකෙන් ටික ලොකුවෙලා සේරම පාටවල් දර්ශනය වෙන්න පටන් ගත්තා."
"ළදරු පාසලේ සේරම දරුවෝ, දෙමාපියෝ, වැඩකරන ඇය සේරම කුතුහලයෙන් එලියට ඇවිල්ලා ඒ වගේ ලස්සන දේදුන්නක් දකින එක කොයිතරම් දුර්ලභද කියල කතාකරන්න පටන් ගත්ත."