ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාල වනගැබ දුලබ දිවි හමුවක්
යාල ජාතික වනෝද්‍යානයේදී සංචාරකයින්ට මෙන්ම ඡයාරූප ශිල්පින්ට දිවියන් හතරදෙනෙකු එකට සිටින දුර්ලභ අවස්ථාවක් දැකගත හැකිවිය.
යාල වනෝද්‍යානය තුළ එලෙස දිවියන් රංචුවක් ලෙස සිටින අවස්ථා නිතර දක්නට නොලැබේ.
යාල ජාතික උද්‍යානයේ කොමාවැව ආසන්නයේදී රංචුගැසී සිටි මෙම දිවියන් හතර දෙනාට නුදුරින් තවත් දිවියෙකු ලැග සිටි අයුරුද දක්නට ලැබුණි .
ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම දිවියන් මේ වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකි.
යාල, විල්පත්තු වැනි වනෝද්‍යාන තුළ පමණක් දක්නට ලැබෙන මෙම දිවියන් අතරින් යාල වනෝද්‍යානය තුළ වෙසෙන්නේ 55 ට අඩු දිවියන් සංඛ්‍යාවක් බව යාල ජාතික උද්‍යානයේ අඩවි ආරක්ෂක රන්ජිත් සිසිර කුමාර පැවසිය.
ඡයාරූප ශිල්පින් මෙන්ම සංචාරකයින් වැඩි වශයෙන් යාල වනෝද්‍යානයට පැමිණෙන්නේ දිවියන් දැකබලා ගැනීමට බවත් මෙය දුර්ලභ අවස්ථාවක් බවත් වසර 17 කට අධික කාලයක සිට යාල සෆාරි සේවයේ නියතුව සිටින සම්පත් ගලප්පත්ති පැවසුවේය.
බොහෝවිට එක රංචුවේ පැටවුන් සමග මව් දිවිදෙනගේ ප්‍රමාණයට වැඩුණු ගැහැණු පැටවුන් සිටින නමුත් මෙය පිරිමි දිවියෙකු මව් දිවිදෙනට වඩා විශාල ලෙස පෙනෙන සුවිශේෂී අවස්ථාවක් බව වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි.