කිම් ජොන් නැම් මරණය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවේ

ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ දී විෂ ශරීරගත කරනු ලැබීමකින් මරණයට පත් වූ බවක් පෙනීයන පුද්ගලයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරයකු වන කිම් ජොන් නැම් බව මැලේසියාවේ නියෝජ්‍ය අගමැති අහ්මඩ් ෂාහිඩ් හමිඩි විසින් තහවුරු කරනු ලැබුණි.
කිම් ජොන් නැම්, උතුරු කොරියානු නායකයාගේ පියා වූ අභාවප්‍රාප්ත කිම් ජොන් ඉල් ගේ පළමු විවාහයක දරුවෙකි.
මැලේසියානු පොලිසිය සඳුදා(13) සිදු වූ එම මරණය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිටි අතර තවත් පුරුෂයකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවක් වාර්තා වෙයි.
මේ අනුව කිම් ජොන් නැම් මරණය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගනුලැබ ඇති ගණන තිදෙනෙකි.

මැලේසියානු බලධාරීන් කිම් ජොන් නැම් ගේ මරණ පරීක්ෂණය සිදුකර අවසන් වී ඇති නමුත් එහි තීන්දුව තවමත් ප්‍රකාශයට පත්කොට නැත.




