ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික ගීය: ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්
සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඉන්දියාවේ ඇති සෑම සිනමා ශාලාවකම දර්ශන ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය වාදනය කළ යුතු අතර ඒ අවස්ථාවේ නරඹන්නන් නැගිට සිට එයට ගෞරව දැක්විය යුතු බව අපේක්ෂා කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දෙන තුරු, ඉන්දියාවේ ප්‍රාන්ත 29 තුළ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාන්තවලටම අනන්‍යවූ නීති පැවතුණි.