ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාශ්මීරයේ වෙඩි හුවමාරුවක්
ඉන්දීය පාලිත කාශ්මීරයේ ගම්මානයකදී හමුදාව සහ කැරලිකරුවන් අතර හටගත් දීර්ඝ වෙඩි හුවමාරුවකදී ආරක්ෂක හමුදා භටයන් දෙදෙනකු සහ කැරලිකරුවන් සිව්දෙනකු මරුමුවට පත් වූ බව ඉන්දීය පොලිසිය පවසයි.
කැරලිකරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් සොයමින් ආරක්ෂක හමුදා භටයන් කුල්ගාම් දිස්ත්‍රික්කයේ ගමකට ඇතුල් වූ අවස්ථාවේ ගැටුම හටගෙන තිබේ.
ගතව ගිය වසර ඇතුලත ජම්මු සහ කාශ්මීර කලාපයේ කැරලිකරුවන්ගේ ප්‍රහාර උත්සන්න විය.
පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දීය පාලිත කාශ්මීරයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයලින් හමුදා භටයන් දහඅට දෙනකු මරුමුවට පත්විය.
එම ප්‍රහාරයට සම්බන්ධ බවට ඉන්දියාව එල්ල කළ චෝදනාව පාකිස්ථානය ප්‍රතික්ෂේප කළේය.