"ස්ත්‍රී දූෂක සෙබළුන්ට වෙඩි තැබිය යුතුයි"

දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කියර්
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කියර්

ස්ත්‍රී දූෂක සෙබළුන් වෙඩි තබා මරා දැමිය යුතු බව දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කියර් පවසයි.

ඔහු මෙම ප්‍රකාශය කළේ සුඩානයේ නිරිතදිග ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමිනි.

එදිරිවාදී කණ්ඩායම් දිනා ගැනීම සඳහා දියත්වන සංහිඳියාවේ මුලපිරීමක් වශයෙන්, ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ යෙදී සිටී.

සමුහ දූෂණ

2013 වසරේදී රට සිවිල් යුද්ධයකට අවතීර්ණ විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013 වසරේදී රට සිවිල් යුද්ධයකට අවතීර්ණ විය

දකුණු සුඩානයේ සෙබළුන් විසින් ජනවර්ගය පදනම් කරගනිමින් කාන්තාවන් සමුහ ලෙස දූෂණය කරනු ලැබ ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කර තිබේ.

ජනාධිපති සල්වා කියර් විසින් 2013 වසරේදී තම උප ජනාධිපතිවරයා තනතුරින් පහ කරනු ලැබීමත් සමඟ රට සිවිල් යුද්ධයකට අවතීර්ණ විය.

ප්‍රචණ්ඩත්වය පිළිබඳව වාර්තා පළවීමත් සමඟ දකුණු සුඩාන රජය සහ එරටට ආධාර සපයන බටහිර ලෝකයේ පාර්ශ්ව අතර මතභේද හට ගැනිණි.