'අයි ෆෝන්' නිමැවුම් ඉන්දියාවෙන්

iPhone

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇපල් සමාගම සිය ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.

ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසති.

ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමේ 2% කි.

Apple salesperson in India

ඡායාරූප මූලාශ්‍රය, Reuters

දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයකි.

කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට ඇත.