''අයි ෆෝන්'' අලෙවියේ පසුබෑමක් - ඇපල් සමාගම

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසුගිය කාර්තුව ඇතුළත 'අයි ෆෝන්' ජංගම දුරකථන අලෙවිය බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා පහළ අගයක් ගෙන ඇති බව ඇපල් සමාගම පවසයි.
චීන ආර්ථිකයේ ඇති වී තිබෙන පසුබෑම ඒ සඳහා බලපා ඇති එක් හේතුවක් බවයි ඇපල් සමාගම සඳහන් කළේ.
මේ වසර වන විට 'අයි ෆෝන්' අලෙවිය පහළ යනු ඇති බවටත් ඇපල් සමාගම අනතුරු හඟවයි.
2015 වසරේ අවසන් මාස තුන ඇතුළත 'අයි ෆෝන්' ලක්ෂ 750 ක් අලෙවි වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
අයි ෆෝන් ජංගම දුරකථනය වෙළඳපොළට මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ 2007 වසරේදී.
එතැන් පටන් ඇපල් සමාගමේ ආදායම පහළ ගොස් ඇති බව වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.




