'ඉන්දිරා' සමුගනී

ඡායාරූප මූලාශ්‍රය, Shimoga Nandan
ලොව වයස්ගතම අලින්ගෙන් අයෙකුවන ඉන්දියාවේ විසූ 'ඉන්දිරා' නම් වූ ඇතින්න මියගිය බව එරට වනජීවී නිලධාරීහු පැවසුහ.
අසනීප තත්වයකින් පෙළුණු ඇය ජනවාරි මස මුලදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළාය.
මෙම ඇතින්න සත්කාර පිණිස රඳවා සිටි දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ සක්රෙබයිලු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරයකු පැවසූ පරිදි ඇතින්නගේ වයස අවුරුදු 80 ත් 90ත් අතරවන අතර සාමාන්‍යයෙන් අලියකුට අවුරුදු 70ක පමණ ආයු කාලයක් හිමි බවය.
මිනිස් ග්‍රහණයේ සිටි වයස්ගතම අලියා ලෙස මේ දක්වා වාර්තාවීගතව සිටි අලියා 'ලින් වැං' නම් විණි.
තායිපේ හි සත්වෝද්‍යානයේ රඳවා සිටියදී 2003 වසරේදී මියයනවිට එම අලියාගේ වයස අවුරුදු 86ක් විය.
'කීකරු ඇතින්නක්'
රෝගී සහ අල්ලාගන්නා ලද අලින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සක්රෙබයිලු පුනරුත්ථාපන කඳවුර වෙත 'ඉන්දිරා' ගෙනෙනු ලැබුවේ වසර 50ට පමණ ඉහතදීය.
වැඩි වශයෙන් 'කොළ පැහැති' එළවලු නිතිපතා ආහාරයට ගැනීම ඇයගේ දිගුකල් පැවැත්මට හේතු වූ රහස විනැයි සැළකේ.
කෙසේවෙතත්, ජනවාරි මස මුලදී ආහාර ගැනීම අත්හළ ඇය දුර්වලවන්නට පටන් ගත් බව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය විනායි බීබීසී සමග පැවසීය.
"දශක දෙකක සිටම ඉන්දිරා යැපුනේ මෘදු ආහාරවලින්. අවුරුදු 15ට පමණ ඉහතදී ඇයගේ එක ඇසක නැතිව ගියා. මාසයකට කළින් අනෙක් ඇස සුද වැසී ගියා " යැයි වෛද්‍ය විනායි ප්‍රකාශ කළේය.
1968 දී කර්ණාටක ප්‍රාන්තයේ කක්කනකොටේ වනාන්තරයේදී අල්ලාගන්නා ලද 'ඉන්දිරා' ඇතින්න, වන අලින් අල්ලාගනීමටත්, හීලෑ කිරීමටත් සහය පිණිස යොදාගනු ලැබිණ. ඇය 'දැඩි විනයකින් යුතු හා ඉතා කීකරු'වූ බව වෛද්‍ය විනායි පැවසීය.









