මරණයෙන් විසි වසරකට පසු ඩයනාගේ පිළිරුවක්

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඩයනා කුමරියගේ පිළිරුවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ඇයගේ දරුවන් දෙදෙනාවන විලියම් සහ හැරී කුමරු නිවේදනය කරති.

ඩයනා කුමරිය වාසය කළ කෙන්සිංටන් මාලිගය ඉදිරිපිට මෙම පිළිරුව ඉදිකිරීමට නියමිතය.

ඇයගේ මරණයෙන් විසි වසරකට පසු මෙම තීරණයට එළැඹෙමින් විලියම් සහ හැරී කුමරුන් කියා සිටියේ තම 'මවගෙන් ලොවට ඇතිවූ ධනාත්මක බලපෑම හඳුනාගැනීමට' කාලය පැමිණ ඇති බවය.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තම මවගේ පිළිරුවක් ස්ථාපනයකිරීම සඳහා සිය මුණුබුරන් ගෙන ඇති තීරණයට එලිසබත් මහ රැජිනගේ සම්පුර්ණ සහයෝගය ලැබීඇති බව බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඩයනා කුමරිය පැරිසියේ දී හදිසි මාර්ග අනතුරකින් මිය ගියේ 1997 වසරේදී ය.