ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ නීති ගූගල් සමාගමටත් ගැටලුවක් වෙයි
ආගමන විගමන කටයුතු සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් විසින් දෙනු ලැබූ නියෝග ක්‍රියාත්මක වීමට පෙර හැකි විගස යළි ඇමරිකාව වෙත පැමිණෙන ලෙස විදේශ සංචාර වල යෙදී සිටින තම කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් අන්තර්ජාල දැවැන්තයෙකු වන ගූගල් සමාගම ඉල්ලීමක් කර ඇත.
ගූගල් සමගම පවසන්නේ සියයකට වැඩි කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකට ජනාධිපතිවරයාගේ නියෝග ඍජුවම බලපෑ හැකි බවය.
එසේම මේ තත්වය හේතුවෙන් තම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දරන්නට සිදුවන පෞද්ගලික වියදම් පිළිබඳව දැඩි ලෙස කණගාටුවන බවත් එම සමාගම ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් ගේ නියෝග හේතුවෙන් නව හැකියාවන්ගෙන් පිරිපුන් අය ඇමරිකාවට ගෙනඒමට බාධාවන් එල්ලවිය හැකි බවට ගූගල් සමාගම බිය පළකරයි.
මේ අතර නව තාක්‍ෂණයට සම්බන්ධ ඇමරිකානු සමාගම් කිහිපයක් ආගමන කටයුතු පිලිබඳ නීති රීති ලිහිල් කර ගැනීම සඳහා එක්වී සකච්ඡා පවත්වන බව වාර්තාවේ.