ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝහින්ග්‍යා ගැටළුව සම්බන්ධයෙන් තවත් පියවරක්
ආරක්ෂක් ගැටළු සම්බන්ධයෙන් අසල්වැසි මියන්මාරය සමග වැඩි සහයෝගිතාවකින් කටයුතුකිරීම සඳහා දෙරටේ පොදු දේශසීමාවෙහි කාර්යාලයක් ඉදිකිරීමට මියන්මාරය සමග එකඟතාවකට පැමිණි බව බංගලාදේශය පවසයි.
බංගලාදේශ විදේශ අමාත්‍යාංශය මේ නිවේදනය කළේ, ඒ රට සංචාරයක යෙදුණු මියන්මාරයේ විශේෂ නියෝජිතයා පිටව යාමෙන් අනතුරුවයි.
බංගලාදේශයට දස දහස් ගණනින් පලා යන රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා මියන්මාරයේ නිල නොවන නායිකාව වන අවුං සාන් සූචි විසින් අදාළ නියෝජිතයා බංගලාදේශය වෙත එවනු ලැබුණි.
ඔහුගේ සංචාරය අතරතුරදී බංගලාදේශය අග්‍රාමාත්‍යවරිය ෂේක් හසීනා මියන්මාරයෙන් ඉල්ලා සිටියේ, මැතදී පැමිණි සරණාගතයන් නැවත කැඳවා ගන්නා ලෙසයි.