රෝහින්ග්‍යා: එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් මියන්මාරයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වී ඇති බවට එල්ලවන චෝදනා පිළිබඳ සොයා බලනුවස් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී මියන්මාරයේ සංචාරයක නිරත වී සිටියි.
දින දොළහක නිල සංචාරය අතරතුර විශේෂ නියෝජිතවරිය රෝහින්ග්‍යා වැසියන් වැඩි වශයෙන් වෙසෙන රඛීන් ප්‍රාන්තයේ ද සංචාරය කිරීමට නියමිතය.
රඛීන් ප්‍රාන්තයේ සිදු කරන ලද හමුදා මෙහෙයුම් හේතුවෙන් අවම වශයෙන් රෝහින්ග්‍යා වැසියන් තිස් හතර දහසක්වත් අසල්වැසි බංගලාදේශය වෙත පළා ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සැලසුම් සහගත ලෙස ස්ත්‍රී දූෂණ සහ වධහිංසා කළ බවට ඇසින් දුටු සාක්ෂිකරුවෝ දිගින් දිගටම මියන්මාර හමුදාවට චෝදනා එල්ල කරති.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී මියන්මාරයේ උතුරු කලාපයේ පිහිටි කචින් ප්‍රාන්තයේ ද සංචාරය කිරීමට නියමිතය.
එම ප්‍රාන්තයේ වෙසෙන කචින් ජන කොට්ඨාශයට අයත් කැරලිකරුවෝ ස්වයං පාලනයක් ඉල්ලා සටන් කරති.





