ප්‍රචණ්ඩකාරීන් හැට නවයක් මරුට - මියන්මාර හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, AFP
මියන්මාරයේ සුළුතර රෝහින්ජා මුස්ලිම් වැසියන් වෙසෙන ගම්මානවලදී ප්‍රහාරකයන් හැට නව දෙනකු මරා දැමුණු බව එරට හමුදාව පවසයි.
මියන්මාර හමුදාව වැඩිදුරටත් කියා සිටියේ රඛීන් ප්‍රාන්තයේ පවතින කැරලිකාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවය.
සාමාන්‍ය වැසියන් දූෂණයට සහ ඝාතනයට ලක්වන බවත් නිවාස ගිනිබත් කරන බවත් රෝහින්ජා වැසියන් වෙතින් ලැබෙන වාර්තාවලින් පැවසේ.
මරුමුවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බව මියන්මාරයේ සිටින බීබීසී වාර්තාකරු පැවසීය.
මියන්මාර හමුදා විසින් රෝහින්ජා මුස්ලිම් ප්‍රජාව හිරිහැරයට ලක් කරනු ලබන බව පැවසෙන වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචී වෙත එල්ලවන පීඩනය උත්සන්න වෙමින් පවතියි.
1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි.
පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත කරගත් නමුත් ඇයට ජනාධිපති ධුරයට පත්වීමට එරට ව්‍යවස්ථාවෙන් අවසර නොමැත.
තවමත් මියන්මාරයේ හමුදාවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් හිමි වී තිබේ.








