සමරිසි කසාදයට එරෙහිව තායිවානයේ උද්ඝෝෂණ

සමරිසි විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සැලකිල්ලට ගැනීමට තීරණය කළ තායිවාන පාර්ලිමේන්තුවට විරෝධය පළ කරමින් තායිපෙයි අගනුවර දහස් ගණන් විරෝධතාකරුවෝ වීදි බසිති.

තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ විරෝධතාකරුවෝ සහ පොලිසිය අතර ගැටුම් හට ගත් බව වාර්තා වේ.

එළඹෙන වසරේ මෙම කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවොත් ආසියාවේ සමරිසි විවාහ නීතිගත කළ පළමු රට වන්නේ තායිවානයයි.

කෙසේ වෙතත් පළ වන අනාවැකි වලට අනුව පාර්ලිමේන්තුවේ 60% පමණ ප්‍රතිශතයක් පනතට විරෝධය පළ කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.