ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බර්ලින් ප්‍රහාරයේ සැකකරු 'මිලාන් නගරයේදී මරා දැමුවා'
පසුගිය සඳුදා රාත්‍රියේ බර්ලින් නගරයේ කඩවීදියකට ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරු අනීස් අම්රි මිලාන් නගරයේදී පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
සිකුරාදා උදෑසන මිලාන් නගරයේ සෙස්තෝ සන් ජියෝවානි ප්‍රදේශයේදී පොලිසිය ඔහුගෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පොලිසියට වෙඩි තැබූ බව පවසන අමාත්‍ය මාර්කෝ මිනිති, වෙඩි තබා මරා දමනු ලැබුවේ අනීස් අම්රි බවට 'අංශුමාත්‍රයක හෝ සැකයක් නොමැති' බවත් සඳහන් කළේය.
සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.
12 දෙනකු මරා දමමින් සහ 49 දෙනකුට තුවාල සිදුකරමින් කඩවීදියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ජර්මනියේ පොලිසිය සීරුවෙන් තබා තිබිණ.
ටියුනීසියානු ජාතික සැකකරු, අනීස් අම්රි ගේ ඇඟිලි සලකුණු ට්‍රක් රථයේ තිබී සොයාගන්නා ලද බව ජර්මනියේ පොලිසිය තහවුරු කළේය.
ඉතාලියේ අන්සා පුවත් සේවය වාර්තා කරන පරිදි, ප්‍රංශයේ සිට ටියුරින් නුවර දක්වා දුම්රිය ගමන් කර තිබෙන අනීස් අම්රි, ඉන් අනතුරුව වෙනත් දුම්රියකින් මිලාන් නගරයට පැමිණ තිබේ.
මේ අතර තවත් ප්‍රහාරයක් සැලසුම් කිරීමේ සැකය පිට ජරමනියේ ඔබර්හවුසන් නගරයේදී දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.