දුටාර්ටේ මිනී මරුවාද? පරීක්‍ෂණ ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තමා නගරාධිපතිවරයෙකු ලෙස සේවය කළ අවධියේදී මිනිස් ඝාතන සිදු කළ බවට පිලිපීන ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව පිලිපීනයේ මානව හිමිකම් කොමිසම පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට තමා වෙඩි තබා මරා දැමූ බව පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පසුගියදා බීබීසීයට ප්‍රකාශ කළේය.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා පිරිස වෙඩි තබා මරා දමන ලෙසට එරට ජනාධිපතිවරයා විසින් පොලිසිය ධෛර්යමත් කරනු ලබන බවට විවේචකයෝ චෝදනා කරති.

ඡායාරූප මූලාශ්‍රය, AP
රොඩ්රිගෝ දුටර්ටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මේ දක්වා සැකකරුවන් 6000ක් පමණ ඝාතනය කර ඇති බවට වාර්තා පළවිය.
එසේ මරාදමනු ලැබූවන්ගේ සිරුරු ඔවුන් විසින් සිදුකරනු ලැබූ වැරදි ක්‍රියාවන්ගේ ලැයිස්තුවක් ද සමග ජනතාවට දැකගත හැකිවනසේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන බවද වාර්තා වෙයි.
පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සියලුම මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බවය.





