අවුන් සාන් සුචිට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතාවක්

මියන්මාරයේ රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුකෙරෙන මෙහෙයුම් හෙළාදකිමින් බංග්ලාදේශයේ පැවැත්වීමට ගිය පෙළපාලියක් විසුරුවා හැර තිබේ.
බංග්ලාදේශයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් සංවිධානය කළ මෙම විරෝධතාවට හයදහසක් පමණ පිරිස සහභාගිවී ඇති බව එරට පොලිසිය පැවසීය.
මියන්මාරයේ නායිකා අවුන් සාන් සුචිට එරෙහිව සටන් පාඨ කියමින් පැමිණි මෙම පිරිස මියන්මාරයේ දේශ සීමාව දෙසට ගමන් කිරීමට උත්සාහ දරා ඇත.

රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මියන්මාරයේ හමුදාව දියත්කර ඇති මෙහෙයුම් නිසා දස දහස් ගණනක් රෝහින්ග්‍යාවරු දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලායමින් සිටිති.
බංග්ලාදේශ බලධාරීහු දේශ සීමා මුර සංචාර තර කරමින් රොහින්ග්‍යා සරණාගතයන් නැවත මියන්මාරයට හරවා යැවීමට පියවර ගත්හ.





