ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"පූතින් සුනඛ සුරතලා එපා කියයි"
රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් වෙත සුනඛයකු තෑගි කිරීමට ජපාන ආණ්ඩුව සුදානම් වුවත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසයි.
ජනාධිපති පූතින් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කොයිචි හගිවුඩා කිසිත් පවසා නොමැත.
ජපාන රජය 2012 වසරේදී ජනාධිපති පූතින් වෙත 'යුමේ' නමැති අකිටා වර්ගයේ සුනඛ සුරතලියක් තෑගි කළේය.
තවත් සුනඛයෙකු තෑගි කිරීමට ජපාන රජය සූදානම් වී ඇත්තේ ඇයට සහකරුවකු හඳුන්වා දීමේ අරමුණෙනි.
"අවාසනාවකට, අපිට ඒ බව රුසියාවෙන් අහන්න ලැබුණා. මනමාලයෙක් තෑගි කිරීමට අපේ තිබුණු බලාපොරොත්තුව බොඳ වෙලා ගියා," පාර්ලිමේන්තු මන්ත්‍රී කොයිචි හගිවුඩා සිය බ්ලොග් පිටුවේ සඳහන් කොට තිබේ.
ජනාධිපති පූතින් ද සහභාගිවීමට නියමිත, ලබන සතියේ ජපානයේ පැවැත්වෙන සමුළුව අතරවාරයේ සුනඛයා තෑගි කිරීමට සැලසුම් කොට තිබිණි.
ජපානයේ උතුරු කලාපය අකිටා වර්ගයේ සුනඛයන්ගේ නිජ භූමියයි.
රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, මෙසේ තෑගි වශයෙන් ලැබුණු සුරතල් සුනඛයන් කීප දෙනෙකුගේ හිමිකරුවාය.