සංක්‍රාන්ති ලිංගිකයන්ට 'රැකියා කෝටාවක්'

ලක්ෂ පහක පමණ පිරිසක් සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගෙන
ඡායාරූප ශීර්ෂ වැකිය, ලක්ෂ පහක පමණ පිරිසක් සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගෙන

උපතින් ලද ලිංගිකත්වය පසුකාලීනව සිය කැමැත්තෙන් වෙනස්කරගත් උදවිය වෙනුවෙන් රජයේ රැකියා ප්‍රමාණයෙන් සියයට තුනක් වෙන් කළයුතු බව ඉන්දීය ඇමතිවරයෙක් යෝජනා කරයි.

ඉන්දියාවේ සමාජ සාධාරණත්වය පිළිබඳ අමාත්‍ය රාම්දාස් අතාවාලේ කියාසිටියේ සංක්‍රාන්ති ලිංගිකයන් (transgender) ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රජාව තවදුරටත් සමාජයෙන් කොන්කර තැබිය නොහැකි බවය.

පාර්ලිමේන්තුවට පනතක්
ඡායාරූප ශීර්ෂ වැකිය, "පාර්ලිමේන්තුවට පනතක්"

රජයේ රැකියා ප්‍රමාණයෙන් සියයට තුනක් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් වෙන්කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට තමා බලාපොරොත්තුවන බව රාම්දාස් ඇමතිවරයා බීබීසීයට ප්‍රකාශ කළේය.

ඉන්දීය මුළු ජනගහනය බිලියන 1.2කට ආසන්නවන අතර ඉන් ලක්ෂ පහක පමණ පිරිසක් සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගෙන (transgender) ජීවත් වෙති.

සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගත් (transgender) 'ගෘහණියක්'
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගත් (transgender) 'ගෘහණියක්'

ඔවුන් වෙනුවෙන් රජයේ රැකියා කෝටාවක් වෙන්කිරීමේ යෝජනාවට ඉන්දියාවේ කුල පීඩිතයන් වෙනුවෙන් පවතින ජාතික කොමිසම සිය විරෝධතාව ප්‍රකාශ කර තිබේ.

ඔවුන් පවසන්නේ කුල පීඩිතයන් වෙනුවෙන් පවතින රජයේ රැකියා ප්‍රතිශතයට ඉන් හානි පමුණුවන බවය.