ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොබ් ඩිලන්ගේ සතුට
තමන්ට නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබීම "වචනයෙන් විස්තර කළ නොහැකි" අත්දැකීමක් බව ඇමරිකානු ගායක සහ ගීත රචක බොබ් ඩිලන් පවසයි.
සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර හිමිකරගත් බොබ් ඩිලන්ගේ ලිඛිත දේශනය සභාගත කරන ලද්දේ ස්වීඩනයේ සිටින එක්සත් ජනපද තානාපතිවරිය විසිනි.
නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම වෙනුවෙන් ස්වීඩනයේ පැවති උත්සවයට හැත්තෑපස් වැනි වියේ පසුවන බොබ් ඩිලන් සහභාගී වූයේ නැත.
නමුත් තමන්ගේ දේශනය සභා ගත කරන ලෙස ඉල්ලා ඔහු විසින් එය ලියා එවනු ලැබ තිබුණි.
තමා වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට නොහැකි වන නමුත් "සිතින් සියලු දෙනා සමඟ" එක්වන බවත් තම ගීත රචනා සාහිත්‍ය නිර්මාණ ලෙස දකිමින් නොබෙල් සම්මානයෙන් පිදනු ලැබීම ගැන බොබ් ඩිලන් සිය ස්තුතිය පුද කළේය.
ගත්කතුවරයකු නොවූ
සිය ගීත රචනා වෙනුවෙන් නොබෙල් සම්මානයක් ලැබීම කිසිදා සිදුවිය හැකි දෙයක් ලෙස තමා නොසිතූ බව බොබ් ඩිලන් පවසයි.
ඊට හේතු වශයෙන් ඔහු සඳහන් කර තිබුණේ තමා ගේයපද රචකයෙකු මිස "පාසල්වල ඉගැන්වෙන හෝ ලොව පුරා පුස්තකාල පිරවූ ගත්කතුවරයකු" නොවූ බවය.
ගීත රචකයෙකු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙම උත්සවයේදී බොබ් ඩිලන්ගේ ගීත වෙනත් ගායිකාවක විසින් ගායනා කරනු ලැබීය.
'Blowin' in the Wind' සහ 'The Times They are A-Changin' යන ඔහු විසින් රචිත ගීත පසු කාලීනව යුද විරෝධී සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් දියත් වූ ව්‍යාපාර වල ජය ගීත බවට පත් විය.