ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නොබෙල් සාහිත්‍ය සම්මානය බොබ් ඩිලන්ට
සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ගායක සහ ගීත රචක බොබ් ඩිලන් වෙත පිරිනමන ලදී.
ඇමරිකානු ගීත සංස්කෘතිය තුළින් කාව්‍යමය අයුරින් අදහස් ප්‍රකාශනයේ මං විවර කළ සංගීතවේදී බොබ් ඩිලන් මේ වන විට හැත්තෑ පස්වෙනි වියේ පසු වෙයි.
'Blowin' in the Wind' සහ 'The Times They are A-Changin' යන ඔහු විසින් රචිත ගීත පසු කාලීනව යුද විරෝධී සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් දියත් වූ ව්‍යාපාර වල ජය ගීත බවට පත් විය.
බොබ් ඩිලන් වෙත නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම නිවේදනය කරනු ලැබුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් සාහිත්‍ය කමිටුව විසිනි.
බොබ් ඩිලන් මේ වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියා ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් රසවතුන් අතර එක්තරා විශ්මයක් ඇති කළ බව ජාත්‍යන්තර වාර්තාවල දැක්වේ.
මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය නිවේදනය කරන ලද්දේ, 1992 වසරේ එම සම්මානය දිනූ ඉතාලි ජාතික වේදිකා නාට්‍ය රචක සහ රංගන ශිල්පී දාරියෝ ෆෝ ගේ මරණය නිවේදනය වූ දිනයේදී වීම විශේෂත්වයකි.