ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්ත්‍රී දූෂකයන්ට එරෙහි ලෙබනන් කාන්තාවෝ පාර්ලිමේන්තුව ඉදිරියේ
ලේ පැල්ලම් සහිත විවාහ මංගල ඇඳුමින් සැරසුණ ලෙබනන් කාන්තාවන් කණ්ඩායමක් 'බේරුත්' අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නිරතවෙමින් සිටියහ.
එම කාන්තා විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් බලපැවැත්වෙන මතභේදයකට ලක්ව ඇති නීතියක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙමින් පවතින අතරයි.
ලෙබනන් පාර්ලිමේන්තු කමිටුවක් එරට අපරාධ නීති සංග්‍රහයේ 522 වගන්තිය අහෝසිකළ යුතුද නැද්ද? යන්න පිළිබඳව සළකා බලමින් ඇති අතර ඒ සම්බන්ධයෙන් අද බදාදා තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණි.
ස්ත්‍රී දූෂකයෙක් තමාට ගොදුරු වූ කාන්තාවක් විවාහ කරගනු ලබන්නේනම්, එම අපරාධයට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් බේරීමට ලෙබනන් දණ්ඩ නීති සංග්‍රහයේ එකී 522 වගන්තිය අනුව එම පුද්ගලයන්ට අවස්ථාව ලැබෙයි.
ස්ත්‍රී දූෂකයන්ට ගොදුරුවූ කාන්තාවන්ට තමන් ගොදුරු කරගත් අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහා ඇති අයිතිය එම වගන්තිය මගින් අසුරා ඇති බව අද(07) විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටි කාන්තාවෝ පෙන්වා දුන්හ.
බාලවයසේ දැරියන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇති පුරුෂයන් එම දැරියන් විවාහ කරගැනීමට එකඟ වන්නේනම්, ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමට කෙටුම්පත් කළ වැඩපිළිවෙලක් අත්හැර දැමීමට තුර්කි ආණ්ඩුවට පසුගිය මාසයේ සිදුවිය.