ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රසීල ගුවන් යානයේ 'ඉන්ධන අවසන් වෙලා'
බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් පිරිසක් ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව, එම යානයේ ඉන්ධන අවසන්වීම බව සනාත කෙරෙන තොරතුරු ලැබී ඇතැයි බ්‍රසීල බලධාරීහු පවසති.
මෙම ගුවන් යානය පසුගිය සඳුදා අනතුරට ලක්වූයේ කොලොම්බියාවේ මෙඩලින් නගර බලා ගමන් කරමින් සිටියදීය.
ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර ගුවන් පාලක මැදිරිය සමග කතා කළ ගුවන් නියමුවා, ඉන්ධන අවසන් වීම සහ විදුලි කාන්දුවක් පිළිබඳව දැනුවත් කර ඇති බව පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
ගුවන් යානය කඩාවැටීමට පැයකට කලින් කොලොම්බියාවේ බොගෝටා නුවරදී යානයට ඉන්ධන පිරවීමට නියමුවාට අවස්ථාවක් තිබූ නමුත් ඔහු එසේ කර නැති බව බලධාරීහු පවසති.
මෙම ගුවන් යානයේ හැත්තෑ හත් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් හැත්තෑ එක් දෙනෙකු මියගිය ගිය බව බලධාරීහු නිවේදනය කළහ.