ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ටින් ටින්' කාටූන් පිටුවට ඩොලර් මිලියන එකහමාරක්
ලෝකය පුරා ජනාදරය දිනූ ළමා රහස් පරීක්ෂක චරිතයක් වූ 'ටින් ටින්' ඇතුළත් කාටූන් චිත්‍රකතා පිටුවක මුල් පිටපතක් ඩොලර් මිලියන 1.64 ක මුදලකට පැරීසියේ දී අලෙවි විය.
මෙම වාර්තාගත අලෙවිය සිදුවුනේ චීන තීන්ත භාවිතා කරමින් බෙල්ජියානු ජාතික කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන ජෝර්ජස් රෙමි විසින් අඳින ලද 'Explorers on the Moon' කතාවේ මුල් සිතුවම් පිටපතයි.
එම චිත්‍ර ශිල්පියා වඩාත් ප්‍රසිද්ධව සිටියේ හර්ගි නමිනි.
එම කතා පිටපතින් නිරුපණය වන්නේ ටින්ටින්, ඔහුගේ බල්ලා වන ස්නොවී සහ කැප්ටන් හැඩොක් අභ්‍යවකාශ ඇඳුමින් සැරසී සඳමත ඇවිදින ආකාරයයි.
හර්ගි විසින් අඳින ලද එක් පිටුවක කාටූන් චිත්‍රයක් අලෙවි වූ වැඩිම මිළ මෙය බව වෙන්දේසිකරුවෝ පැවසුහ.
සෙන්ටි මීටර 50x35 ප්‍රමාණයේ මෙම චිත්‍රය දෙවන ලෝක යුද්ධයෙන් පසු චිත්‍ර ශිල්පියෙකු විසින් කරන ලද නිර්මාණයක් අලෙවි වූ වැඩිම මිළ ලබමින් වාර්තාවක් තබා ඇත.
යුරෝපයේ නිර්මාණ එකතුකරන්නෙකු විසින් මිලදී ගන්නා ලද මෙම චිත්‍රය යුරෝ ලක්ෂ හතේ සිට නමය අතර ප්‍රමාණයකට අලෙවි වනු ඇති බවට විශ්වාස කෙරිණි.
1954 දී ප්‍රකාශිතවූ මෙම කතා පුවත සැලකෙන්නේ හර්ගි ගේ හොඳම නිර්මාණ වලින් එකක් ලෙසටය.
එසේම මේ දක්වා ලෝකයේ නිර්මාණයවී ඇති වඩාත් ජනප්‍රිය කාටූන් චරිතය ලෙසටත් ටින්ටින් ප්‍රසිද්ධියක් උසුලයි.
භාෂා අනූවකට පරිවර්තනය වී ඇති ටින් ටින් කාටූන් චිත්‍රකතා පිටපත් මිලියන දෙසීයකට වඩා විකිණී ඇති අතර තවමත් ජනප්‍රියතාවය හීන වී ගොස් නැත.