පරාජයෙන් පසු හිලරිගෙන් ප්‍රකාශයක්

පරාජයෙන් පසු මාධ්‍යයට හිලරිගෙන් ප්‍රකාශයක්
Published

ඇමරිකාවේ නායකත්වය හෙබවීමට ට්‍රම්ප්ට සාධාරණ අවස්ථාවක් දිය යුතු බව ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයෙන් ලද පරාජය පිළිගැනීමෙන් පසු ප්‍රථම වරට ජනමාධ්‍යය ඉදිරියේ අදහස් පළ කළ හිලරි ක්ලින්ටන් සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස සාර්ථකව ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කියා සිටියාය.

ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ බලාපොරොත්තු වූවාට වැඩියෙන් මෙම මැතිවරණයෙන් ඇමරිකාව ඉතා බරපතළ ලෙස බෙදී ඇති බවය.

ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිනයේදී (නොවැ 09) ජනාධිපති බරක් ඔබාමා සමග ධවල මන්දිරයේදී ප්‍රථම නිල හමුව පැවැත්වීමට නියමිතයි.