දූෂිත වායුව දිල්ලියේ පාසැල් වසා දමයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
පරිසරය දූෂිත වායුවෙන් පිරී පැවතීම හේතුවෙන් දිල්ලි නගරයේ සියලුම පාසැල් ඉදිරි දින තුන තුළ වසාදමන බව මහඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
නව ගොඩනැංවීම් සඳහා ගොඩනැගිලි බිඳහෙලීමද දින පහක කාලයකට තහනම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AP
සෙනසුරාදා කෙජ්රිවාල් දිල්ලිනගරය 'ගෑස් ටැංකියකට" සමානකර දැක්වූයේ වසර විස්සකට පසුව පෙනෙන්නට තිබෙන දරුණුතම අපිරිසිදු දුමාර තත්වය පරිසරයේ දකින්නට ලැබීම හේතුවෙනි.
මෙම දුමාරයට හේතුවී ඇත්තේ රථවාහන මගින් නිකුත්කෙරෙන කාබන් වායුව, අවට ඇති ප්‍රාන්තවල සිදුකෙරෙන වගා බිම් අපද්‍රවය ගිනිතැබීම් සහ දුප්පත් මිනිසුන් සීතලෙන් මිදීම සඳහා ගිනිමැල දැල්වීම ආදිය බව පැවසේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
පසුගිය දිනවල පැවති දීවාලි සැමරුම් සඳහා ගිනිකෙළි දැල්වීම හේතුවෙන් වායු දූෂණ තත්වය තවදුරටත් වැඩිවී තිබේ.





