ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුනඛයා මහමග මළපහ කළොත් හිමිකරුට ගැලවීමක් නැහැ
නැගෙනහිර ප්‍රංශයේ බලෙන්සියා ප්‍රදේශයේ බලධාරීන් සුරතල් සුනඛයන්ගේ DNA දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.
සිය සුරතලාට මහමග සහ පදික වේදිකාවේ මළ මූත්‍ර පහ කිරීමට ඉඩ දෙන හිමිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම මෙම සුනඛ DNA දත්ත ගබඩාවේ පරමාර්ථය බව බලධාරීහු පවසති.
මේ යටතේ මහා මාර්ග පිරිසිදු කිරීමේ යෙදෙන සේවකයන් විසින් සුනඛ වසුරු සාම්පල එකතු කොට රජයේ පර්යේෂණාගාරයට භාර දෙනු ඇති අතර වසුරු වල අඩංගු DNA, දත්ත ගබඩාව සමග සැසඳීමෙන් සුනඛයාගේ අයිතිකරු කොටු කර ගැනීමට සැලසුම් කොට තිබේ.
සුරතල් සුනඛයන්ගේ DNA දත්ත ගබඩාවක්
බලධාරීන් වැඩි දුරටත් කියා සිටියේ සිය සුරතල් සුනඛයාව රජයේ පශුවෛද්‍යවරයා වෙත ගෙනගොස් උගේ DNA සාම්පල ලබා දීමට අයිතිකරුවන් බැඳී සිටින අතර මෙම වගකීම පැහැර හරින පුද්ගලයන්ට දඩයක් නියම කෙරෙන බවය.
එළඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව නීතිය යටතේ සිය සුරතලාට මහ මග මළපහ කිරීමට ඉඩ දෙන පුද්ගලයන් හඳුනාගෙන දඩයක් නියම කෙරෙනු ඇත.