ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වෙනවා - දකුණු අප්‍රිකාව
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වන බව දකුණු අප්‍රිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දෙයි.
අධිකරණයේ කාර්යභාරය සහ ක්‍රියා කලාපය පිළිබඳ අවධානය පළකරමින් දකුණු අප්‍රිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යැවූ ලිපියේ පිටපතක් මාධ්‍යවේදීන්ටද දැක ගැනීමට ලැබිණ.
ලෝකයේ සෙසු රටවල තත්වයන් නොසලකා හරිමින් අප්‍රිකානු කලාපය පමණක් ඉලක්ක කරන බවට රටවල් කිහිපයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත චෝදනා එල්ල කර තිබේ.
පසුගිය වසරේ සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් ජොහැන්නස්බර්ග් වෙත පැමිණි මොහොතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් මතු වූ අවිනිශ්චිත ස්වභාවය දකුණු අප්‍රිකාව එම ලිපියේ මතුකොට දක්වා තිබේ.
'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය කණ්ඩායම පවසන්නේ අධිකරණයෙන් ඉවත්වීමට දකුණු අප්‍රිකාව ගෙන යන සැලසුම යුක්තිය හා සාධාරණත්වය නොසලකා හැරීමේ ආරම්භයක් ලෙසය.
කෙසේවුවද, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව දකුණු අප්‍රිකාවට එසේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත්වීමේ නීතිමය හැකියාව පිළිබඳ සංවාදයක්ද මතුවෙමින් පවතී.