සිරියාව: කැරලිකරුවෝ ඩබික් නගරයේ IS බලකඳවුර 'අල්ලා ගනිති'

ඡායාරූප මූලාශ්‍රය, AFP
තුර්කියේ සහාය ලබන කැරලිකරුවන් විසින් IS සංවිධානය යටතේ පැවති සංකේතාත්මක වශයෙන් වැදගත් ඩබික් නගරයේ පාලනය අත්පත් කරගනු ලැබූ බව කැරලි නායකයන් සහ නිරීක්ෂකයන් පවසති.
අයිඑස් කැරලිකරුවන් නගරය අත්හැර පලා යාමෙන් අනතුරුව කැරලිකරුවන් නගරය අත්පත් කරගත් බවයි, බ්‍රිතාන්‍යය මූලස්ථාන කරගත් SOHR හෙවත් මානව හිමිකම් සම්බන්ධ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ.
උතුරු සිරියාවේ පිහිටි එම කුඩා නගරය අයිඑස් කැරලිකරුවන් සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නිරන්තරයෙන් යොදාගත් මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථානයක්.
ඩබික් නගරය කරා ඉදිරියට ඒම, සිරියානු කැරලිකාර කණ්ඩායම්වල පුළුල් මෙහෙයුමක එක් කොටසක්.
ඩබික් නගරය ආසන්නයේ පිහිටි සොරාන් ගම්මානයේ පාලනයත් අත්පත් කරගත් බව සුල්තාන් මුරාඩ් කැරලිකාර කණ්ඩායමේ අණදෙන නිලධාරී අහමඩ් ඔස්මාන් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණි.
ඩබික්, තුර්කි දේශසීමාවට කිලෝමීටර 10ක් තරම් ආසන්නයේ පිහිටි නගරයක්. එහි අයිඑස් කැරලිකරුවන් 1200 ක් පමණ රැඳී සිටි බවයි, SOHR සංවිධානය පවසන්නේ.
දේශසීමා කලාපයෙන් සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම පිණිස තුර්කිය පසුගිය මාසයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.




